කොළඹට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වයට හදිසි පරීක්ෂාවට
- RSL
- April 23, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඊයේ (22) දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මගින් ඔවුන්ගේ යතුරුපැදි 20 ක් පමණ යොදාගනිමින් කොළඹ නගරය අවට අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය හදිසි පරික්ෂාවකට ලක් කරන අතර, එහිදි ඔවුන් යම් නිරීක්ෂණයකට ලක්වුහොත් ඉදිරිපියවරයන් සඳහා සෞඛ්‍ය අංශ වෙත යොමු කරනු ලබන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි. මේ සදහා නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වුණා.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේද ප්‍රකාශ කළා.
අද (23) දින ඉන්දියාවේ සිට UL-1146 දරණ මගී ගුවන් යානයෙන් අධ්‍යාපනය හැදැරීමට ගොස් සිටි සිසුන් 101 දෙනෙකු මෙරටට පැමිණි අතර, ඔවුන් සියළු දෙනා යුද්ධ හමුදාව වෙතින් පාලනය කරනු ලබන පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී.
එසේම, ඉදිරි දිනයන්වලදී ශ්‍රී ලංකා රාජය විසින් මෙවැනි පුද්ගල කණ්ඩායම් විදෙස් රටවල සිට මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති අතර, එහිදි ප්‍රථමයෙන් දකුණු ආසියානු (SAARC) කාළාපයට ප්රමුඛත්වයක් ලබාදෙනු ඇත.
යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානී නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකළ පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්ෂණය සිදුකර අද (23) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. ඒ අනුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 26 ක් තුළ 2744 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.
අද (23) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 4366 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඊයේ දිනයේදී PCR පරික්ෂණවලින් පසු කොවිඩ් 19 ආසාදිතයන් වශයෙන් 20 දෙනෙකු හදුනාගනු ලැබුවා. ඉන් 13 දෙනෙකු බේරුවල ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී.
එසේම තවත් 5 දෙනෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හදුනාගන්නා ලදී. ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත සුදු වැල්ලෙන් රැගෙන ගිය තවත් එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී බව තවුරු වූ අතර, අවසන් වශයෙන් වැලිසර නාවික හමුදා කඳවුරට අයත් නිවාඩු මත සිටි නාවික හමුදා සෙබලකුට කොවිඩ් 19 අසාධනය වී අතැයි තහවුරු වීය.
වැලිසර නාවික හමුදා කඳවුරට අයත් නිවාඩු මත සිටි නාවික හමුදා සෙබලකුට කොවිඩ් 19 අසාධනය වී අතැයි තහවුරු වීමෙන් පසු ඔහු සමීපව ඇසුරු කළ ඥාතීන් සහ හිත මිතුරන් අයත් පොලොන්නරුව ප්‍රදේශයේ ලංකාපුර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 12 ක් මේ වන විට හුදකළා කර නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇත.
එසේම, දැනට එම සෙබලා සේවය කළ නාවික හමුදා කඳවුර නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති අතර, අද (23) දින එම කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වූ සෙබලා සමීපව ඇසුරු කළ සෙබළුන් PCR පරීක්ෂණයට භාජනය කර ඇත.
ඊයේ (22) දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මගින් ඔවුන්ගේ යතුරුපැදි 20 ක් පමණ යොදාගනිමින් කොළඹ නගරය අවට අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය හදිසි පරික්ෂාවකට ලක් කරන අතර, එහිදි ඔවුන් යම් නිරීක්ෂණයකට ලක්වුහොත් ඉදිරිපියවරයන් සඳහා සෞඛ්‍ය අංශ වෙත යොමු කරනු ලබයි.

