ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් 330 දක්වා ඉහළට – අදත් රෝගීන් 20ක් හමුවෙයි
- RSL
- April 22, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද රාත්‍රී 11.45 ට පමණ කොවිඩ්-19 ආසාදිත රෝගීන් 7 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය වෙබ් අඩවියේ ප.ව 11.04ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම අනුව සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20 ක් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 330ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකාවෙන් අද (22) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 13 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප.ව 20.04ට සිදු කළ යාවත් කාලීන කිරීම්වල සදහන් වේ. ඒ අනුව අද දිනය වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 323 දෙනකු වාර්තා වී ඇති අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 148 දෙනෙකි. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 211ක් වන අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 105 දෙනෙකි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අද දින ප.ව 17.10ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ වාර්තා වූ කොවිච්-19 ආසාදිතයින් 11 දෙනෙක් මඩකළපුව නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක් වෙමින් සිටි බේරුවල පදිංචිකරුවන් පිරිසක් බවයි. අනෙක් පුද්ගලයා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

