පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට
- RSL
- April 22, 2020
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (අප්‍රේල් 23) දින කථානායක නිළ නිවසේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් අද (22) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

