Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 310යි – ලෝකයේ මරණ 171,810ක්
- RSL
- April 21, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද දින (21) පස්වරු 17.40 වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

අද දින වාර්තා වූ රෝගීන්ගෙන් 05 දෙනකු කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් ද එක් අයෙකු රත්නපුර ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇති අතර ඔහු කොරෝනා ආසාදිතයෙක් ළගින් ඇසුරු කළ පුද්ගලයෙකු බවයි අනිල් ජාසිංහ මහතා සදහන් කළේ.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් පුද්ගලයින් 310 දෙනකු වාර්තා වී ඇති බව ද අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කරයි.
ගෝලීය තත්ත්වය
අද දින වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,501,156 දෙනකු සහ මරණ 171,810ක් වාර්තා වී ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවල සදහන් වේ.
එහි දැක්වෙන ආකාරයට වැඩිම මරණ සංඛ්‍යාව වන ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 788,920ක් ද ඇමෙරිකාවෙන් වාර්තා වී ඇත. ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 204,178ක් ද, ඉතාලියෙන් ආසාදිතයින් 181,228ක් ද, ප්‍රංශයෙන් ආසාදිතයින් 156,495ක් ද, ජර්මනියෙන් ආසාදිතයින් 147,593ක් ද, එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 125,856ක් ද වාර්තා වී ඇති අතර තුර්කියෙන් 90,980ක්, ඉරානයෙන් 84,83ක්, රුසියාවෙන් 52,763ක් සහ ඉන්දියාවෙන් ආසාදිතයින් 18,985ක් වාර්තා වී ඇති බවයි ජෝන්ස් හොප්කින්ස් වාර්තාවල දැක්වෙන්නේ.
මරණ සංඛ්‍යාව
කොරෝනා ආසාදනයේ ඉතාලියේ පුද්ගලයින් 24,114ක්, ස්පාඤ්ඤ 21,282ක් ප්‍රංශයේ 20,265ක් සඑ එක්සත් රාජධානියේ 16,509ක්, මිය ගොස් ඇති අතර නිව්යෝර්ක් නගරයේ පමණක් මියගිය සංඛ්‍යාව 14,604ක් බවයි ජෝන්ස් හොප්කින්ස් වාර්තාව කියන්නේ. ඊට අමතරව බෙල්ජියමේ මරණ 5998ක්, ඉරානයේ 5297ක්,ජර්මනියේ මරණ 4869ක් වාර්තා වී තිබෙනවා.

