වසර 20කට පසු බොරතෙල් මිල 40%කින් පහළට
- RSL
- April 20, 2020
- ආර්ථික සහ ව්යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක අවම මිල අද (20) වාර්තා වූ බව ප්රංශ පුවත් සේවය කියයි. එහි දැක්වෙන ආකාරයට බොරතෙල් බැරලයක මිල 40% කින් පහළ වැටී ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් 11 දක්වා අද (20) පහත වැටි ඇත.
ප්රංශ පුවත් සේවය පවසන ආකාරයට මේ ආකාරයට අවසන් වරට තෙල් බැරලයක මිල පහත වැටුණේ 1998 වසරේදීය.
තෙල් අපනයනය කිරීමේ ප්රධාන රටවල් තෙල් අපනයනය සීමා කිරීමත් කොරෝනා වසංගතයේ බලපෑමත් නිසා මේ අයුරින් තෙල් මිල ගණන් පහත වැටී ඇති බවයි එම වාර්තාව කියන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ මිල ගණන්වලට අනුව අද (20) දහවල් වනවිට බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 11.31ක් ලෙස වාර්තා වූ බව සදහන්.

