ආරක්‍ෂිත දෝෂයක්: Google Chrome වහාම යාවත්කාලීන කරගන්න – ITSSL
- RSL
- April 20, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Google Chrome වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-6457 නම් ආරක්‍ෂිත දෝෂය හදුනාගැනීම හේතුවෙන් ගූගල් සමාගම විසින් වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා Google Chrome 81.0.4044.113 යාවත්කාලීනය නිකුත් කර ඇත.
මෙම ආරක්‍ෂිත දෝෂය පවතින Google Chrome වෙබ් බ්‍රව්සර සයිබර් ප්‍රහාරයකට නතුවීමේ ඉහල හැකියාවක් පවතී.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සදහා Google Chrome වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් Chrome 81.0.4044.113 යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.

