ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට
- RSL
- April 18, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) දින 248 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ අද ප.ව 19.04ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව දැක්වේ. එහි දැක්වෙන්නේ අද දින කොවිඩ්-19 ආසාදිතයින් 04 දෙනකු වාර්තා වූ බවයි.
එහි දැක්වෙන ආකාරයට දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 155 දෙනකු වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 103කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 86 දෙනකු වන අතර ලංකාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 07කි.

