කොරෝනා අවදානම් රටවල් අතර ශ්‍රී ලංකාව 16 වැනි තැනට
- RSL
- April 15, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Deep Knowledge Group නම් පර්යේෂණ ආයතනය විසින් පසුගිය අප්‍රේල් මස 12 වැනි දින නිකුත් කළ ‘කොවිඩ්-19 ගෝලීය අවධානම් දර්ශකය‘ අනුව කොවිඩ් 19 වෛරසයේ අවධානමට ලක්ව ඇති ලොව ප්‍රධාන රටවල් 20 අතර 16 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

එහි පළමු ස්ථානය ඉතාලියත්, දෙවන ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයත්, තෙවන ස්ථානය මහා බ්‍රිතාන්‍යයත් නියෝජනය කරන අතර ඉන්දියාව 15 වැනි ස්ථානයේද ශ්‍රී ලංකාව 16 වැනි ස්ථානයේද, ඉන්දුනීසියාව 17 වැනි ස්ථානයේ ද සිටිනවා.

