Covid 19 ව්‍යාප්තිය පාලනයට GMOA රජයට දැඩි නිර්දේශ ඉදිරිපත් කරයි
- RSL
- March 31, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ‍්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය සියයට 50කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය සියයට 80කට වඩා වැඩි මට්ටමේ පවත්වා ගැනීම සදහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ම කි‍්‍රයාවට නැංගවිය යුතුව ඇති බවත් එම සංගමය පවසයි.
කොවිඞ් 19 රෝග තත්ත්වය රට තුළ පාලනය කිරිම සදහා තමන් විසින් පෙන්වා දි ඇති කරුණු තවදුරටත් ප‍්‍රමාද නොකොට කි‍්‍රයාත්මක කිරිම ඉතාමත් වැදගත් බව ද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
ශ‍්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින තත්ත්වය පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළවේ.




