කොරෝනා ව්‍යාප්තිය පාලනයට ගත යුතු පියවර 10ක් රනිල් යෝජනා කරයි
- RSL
- March 27, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොරෝන වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව අවංක චේචේතනාවෙන් සහ සත්භාවයෙන් ගනු ලබන තීරණ සඳහා කොන්දේසි විරහිතව සහය දීමට එක්සත් ජාතික පපක්ෂය සූදානම් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි. අද (27) සමාජ මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීම සහ ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 10ක යෝජනාවක් ද ඔහු ඉදිරිපත් කර සිටියේය. අද එජාප නායක රනිල් වික්‍රමසිංහ සමාජ මාධ්‍ය වෙත යොමුකළ වීඩියෝවට අදාළ නිවේදනය පහත දැක්වෙයි.



