ශ‍්‍රී ලංකාවේ කොරෝන ආසාදිතයින් ගණන 102 දක්වා ඉහළට
- RSL
- March 25, 2020
- උණුසුම් පුවත්
- featured
- 0 Comments
අද දින (24) අවසාන වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 102 දෙදෙනකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවා. ඒ අනුව අද දින වාර්තා වූ නව ආසාදිතයින් ගණන 05ක් වන අතර 229 දෙනකු කොරෝනා බවට සැකපිට රෝහල්වල ප‍්‍රතිකාර ලබනවා. ඒ සමග චීන ජාතික කාන්තාව සහ කොරෝනා වෛරසය ආසාදිත මුල්ම ශ‍්‍රී ලාංකිකයා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

