ඇඳිරි නීතිය යාවත්කාලීන කිරීම පිළිබද රජයේ නිවේදනය
- RSL
- March 23, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර
සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ. මේ දිස්ත්‍රික්කවල හෙට (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වේ.
මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.
සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇත.
සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ.
කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව රජය දැනුම් දෙයි.

