සියලුම අධිවේගී මාර්ග වසා දමා දුම්රිය ධාවනය ද නතර කරයි

Spread the love

ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යහමුවේදී සදහන් කළා.

අමාත්‍යවරයා කිසා සිටියේ විශේෂයෙන් සෞඛ්‍ය අංශය, ආරක්ෂක සේවා අංශය, පුද්ගලික ආරක්ෂක සේවාවන්, වරාය යන අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන යන සේවාවන්ට මෙම ඇඳිරි නීතියෙන් බාධාවක් ඇති නොවන බවයි.

සියලුම අධිවේගී මාර්ග වසා දමයි

සියලුම අධිවේගී මාර්ග අද (20) සවස 4 සිට වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දැනුම් දෙනවා.

සියලු දුම්රිය සේවාවන් අත්හිටුවයි

කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කොළඹ කොටුව සිට මහව බලා ධාවනය වන දුම්රිය අද ධාවනය වන අවසන් දුම්රිය වන අතර යළි සදුදා උදෑසන 6 ට දුම්රිය ගමන් ඇරැඹිමට නියමිතව ඇත. මේ අතර අද සවස 3 රඹුක්කනට සහ මහව බලා දුමිරියක් ධාවනය වන බවයි දුමිර්ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

Tags: