පුත්තලමට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

Spread the love

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ඇත. එසේම මීගමුව කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ද මෙම ඇඳිරි නීතිය  බලපැවැත්වේ.  

පුත්තලම පොලිස් කොට්ඨාසයේපුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරෙච්චෝලේ, සාලිය වැව‍හලාවත පොලිස් කොට්ඨාසයේ හලාවත, දන්කොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුවමීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසම

Tags: