රුපියල ඉහළම ‘බාල්දුවීම’ වාර්තා කරයි
- RSL
- March 17, 2020
- Uncategorized
- featured
- 0 Comments
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම මධ්‍යයේ මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (17) දින වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුග 182.57 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුග 186.66 ක් ලෙසි සටහන් විය.
ඩොලරයක ගැණුම් මිල රුපියල් 182 සීමාව සහ විකුණුම් මිල රුග 186 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවයි මූල්‍ය විශේෂඥයෝ සදහන් කරන්නේ.
සංචාරක ව්‍යපාරයේ බිද වැටීම, විදේශ ශ්‍රමිකයින්ගේ සමපේක්ෂණ අඩුවීම වැනි තත්ත්වයන් තුළ තත්ත්වය තව දුරටත් සංකීර්ණ විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එහෙත් දිගින් දිගටම අඩු වෙමින් පවතින ඛණිජ තෙල් මිල රුපියල දැඩිව බිද වැටීමට එරෙහිව ක්‍රියා කරනු ඇතැයි ඔවුන් වැඩි දුරටත් සදහන කළා.

