Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළට
- RSL
- March 16, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තහවරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි.
ආසාදිතයින් සියලු දෙනා පිරිමින් වන අතර එක් පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර අද (16) හදුනා ගත් අනෙක් ආසාදිතයින් සිවු දෙනා නිරෝධාන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවත්, අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් බවත් ජාසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
මේ අනුව අද (16) දිනය වන විට හදුනා ගෙන ඇති ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාසිංහ මහතා පැවසුවේ.

