දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර

Spread the love

දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. මව්පියන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ.

2020 වසරේ පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද සදහන් කළා.

‘සෞඛ්‍ය අමාත්‍යාශංය දැඩිව අවධාරණය කළේ ආසාදිතයට අමතරව කිසිම රෝගියෙක් වාර්තා වී නොමැති බවයි. නමුත් මේ අනපේක්ෂිත කැළඹීමත් එක්ක සමාජය තුළ භීතියක් නිර්මාණය වී තිබෙනවා. සෞඛ්‍ය අංශවලට අනුව රට තුළ එහෙම තත්ත්වයක් නොමැති වුවත්, වෛරස් රෝගය ගැන දරුණු තත්ත්වයක් නොමැති වුවත් දරුවන් තුළ හා දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් ඇති වීම වැළැක්වීම සඳහා නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා.

මෙහිදී උපකාරක පන්ති ගැන සදහන් කරමින් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ පාසල් දරුවන් ගැවසෙන පෞද්ගලික අධ්‍යාපන ආයතවලිනුත් මේ ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටින බවයි. නියමිත දිනට පාසල් ආරම්භ කිරිමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියා. ඇමති

Tags: