සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා අත්හිටුවන්න

Spread the love

පන්ති කාමරයෙන් එපිට සිදු කරන බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන් බවත් ඔවුන් විසින් අදාළ නියෝග විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද සඳහන් කළා.

එමෙන්ම පාසැල් අධ්‍යාපන චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව ද ඒ මහතා කියා සිටියා.

මේ අතර විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන ළමුන් හා දෙමාපියන් දින 14ක කාලයක් නිරෝධයන ක්‍රියාවලියට යොමු කරන ලෙසට ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙන බවයි චිත‍්‍රාන්නද මහතා සදහන් කළේ.

Tags: