කොළඹ කොටස් වෙළෙදපොළෙහි ඓතිහාසික කඩා වැටීමක්..!
- RSL
- March 10, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික
- featured
- 0 Comments
වසර අටකට පසු සිදු වූ ඉහළම පසුබෑම වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) 4.14 % කින් පහළ ගියේය. ඊයේ (9) දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,343.15ක් ලෙස සටහන් වූ අතර අද වෙළෙඳපොළ අවසන් වූයේ ඒකක 5,121.91ක් ලෙස ය. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 221.24කින් පහත වැටුණි.
ඊට අමතර විඑස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය ද 4.75% කින් එනම් ඒකක 117.86කින් කඩා වැටුණි. කලින් දිනයේ ගනුදෙනු අවසන් වෙද්දි එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 2,479.61ක් ලෙස දැක්වුණු අතර අද දිනය අවසන් වෙද්දි එය ඒකක 2,361.75ක් සටහන් විය.
අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරීමත් සමඟ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය 5% කින් පහළ ගිය ඒ හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීය. කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු 5% කින් පහළ සෑම විටම එලෙස එය ස්වයංක්‍රීයව අක්‍රීය වේ.
කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා කොටස් වෙළෙඳපොළ කඩාවැටීමකට ලක්ව තිබෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද සෘජුව හා වක්‍රාකාරව අහිතකර බලපෑම් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී ප්‍රකාශ කළේය.

