කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක්
- RSL
- March 6, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මාර්තු මස 06 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
අද සහ හෙට දිනවලදී (6 සහ 7) විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු වේ.
මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මුහුදු ප‍්‍රදේශවල කාලගුණ තත්ත්වය
| වැසි තත්ත්වය: |
| මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මඩකළපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
| සුළඟ: |
| දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (15-30) පමණ වේ. |
| මුහුදේ ස්වභාවය: |
| දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතිනු ඇත. |

