කුවේටයට යන ලාංකිකයන්ට Covid 19 නැති බවට වෛද්‍ය වාර්තාවක් අනිවාර්ය වෙයි
- RSL
- March 4, 2020
- උණුසුම් පුවත්, සෞඛ්‍යය
- featured
- 0 Comments
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් කුවේට් රාජ්‍යයට පැමිණෙන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීමට පෙර ඔවුන් කෝවිඩ් 19 වෛරසයේ තොර බවට වන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් චක්‍රලේඛයක සදහන් වේ.
ඒ අනුව තුර්කිය, අසර්බයිජානය, ජෝර්ජියාව, ඉන්දියාව, ඊජිප්තුව, පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිරියාව සහ ලෙබනනය යන රටවලින් පැමිණෙන මගීන්ට මෙසේ වෛද්‍යවාර්තා ඉදිරිපත් කිරිම අනිවාර්ය කර තිබේ.
අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකරන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීම තහනම් බවත් මාර්තු 8 දා සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සදහන් වේ.
කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව මෙම රටවල් 10යේ ගුවන් මගීන් එම රටවල ස්ථාපිත කර ඇති කුවේට් තානාපති කාර්යාල විසින් අනුමත කරන ලද වෛද්‍ය මධ්‍යස්ථානවලින් ‘කොරෝනා’ පරීක්ෂණ සිදු කළ යුතු අතර ඒවා සහතික කළ යුතුය.
මෙම නියමය උල්ලංඝණය කරන ගුවන් සමාගම්වටල ද දඩ පැනවීමට පියවර ගන්නා බව කුවේට් සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර තිබේ.
කුවේට් රාජ්‍යයෙන් ඊයේ (03) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

