කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්

Spread the love

කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා උතුරු ඉතාලියේ බ්‍රේස්සියා ප්‍රදේශයන් වාර්තා වී ඇතැයි ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වෛරසයට ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියේ බ්‍රේස්සියා ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශ‍්‍රී ලාංකික කාන්තාවකට බවයි වාර්තා වන්නේ. හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අදාළ කාන්තාව ඉතාලියේ කොරෝනා ආසාධිත රෝගීයකු රැක බලාගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව මේ වන විට බ්‍රෙස්සියා ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන අතර ඇය තත්ත්වය බරපතල නොවන බවද තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

Tags: