නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්න- GMOA

Spread the love

යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ලබාදුන් බව කියන රුපියල් බිලියන 7ක මහජන මුදල් යළි රජයට පවරා ගන්නා ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී.

මාලබේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගන්නා බව පවසා රාජිත සේනාරත්න මහතා එම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන ඇතත් මේ වන තෙක් එම රෝහල රජයට පවරා ගැනීමක් සිදුවී නොමැති නිසා එම ඉල්ලීම කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ. එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

RSL

Related Posts