විපක්ෂයේ නිල අයිතිය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක්
- RSL
- July 19, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- political
- 0 Comments
විපක්ෂයේ නිල අයිතිය ලබා දෙන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පේරුම මහතා ප්රකාශ කළේ, විපක්ෂයේ අයිතිය පිළිබඳව තම මන්ත්රී කණ්ඩායම ඊයේ කථානායක කරූ ජයසූරිය මහතා හමුවී සාකච්ඡා කළ බවයි.
ඒ අනුව අදාළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙස කථානායකවරයා තම කණ්ඩායමට දැනුම් දුන් බව ද මන්ත්රීවරයා ප්රකාශ කළේ ය.
ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ, මන්ත්රීවරුන් 70 දෙනෙකුගේ අත්සනින් යුතුව අදාළ ලිපිය භාරදෙන බවයි.

