විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ඇරඹෙයි
- RSL
- July 16, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ආරම්භ වේ.
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කළ චෝදනා අද විශේෂ මහාධිකරණයේ පළමු නඩුකටයුත්ත ලෙස විභාග කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුදල් ආයෝජන ව්‍යාපෘතියක් ලෙස හයට් හෝටල් ව්‍යාපෘතියට යෙදවීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වේ.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට , මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න යන මහත්වරුන් හා චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළත් ය.

