ඩෙංගු අවධානමක් සහිත දිස්ත්රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (12) සහ (13) පැවැත්වේ.
කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , යාපනය , වව්නියාව , ත්රීකුණාමලය හා මඩකළපුව යන දිස්ත්රික්ක වල එම මදුරු මර්දන වැඩසටහන ක්රියාත්මක කෙරෙන අතර ඒ සඳහා කණ්ඩායම් 880ක් සහභාගී වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
පාසල් , නිවාස , වැඩබිම් ආයතන කර්මාන්ත ශාලා , ආගමික ස්ථාන හා හෙද ස්ථාන වැනි ඕනෑම පරිශ්රයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30ක් වත් විපරම්කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කරගන්නැයි ඉල්ලීමක් කරන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.