ඡන්ද අල්ලසක් ලෙස දීමට සූදානම් කල මහන මැෂින් බෙදීම වළකයි
- RSL
- December 16, 2017
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
ගලේවෙල නෑබඩගහවත්ත පදිංචිකාරියන් සියදෙනකුට ඡන්ද අල්ලසක් ලෙස බෙදාදීමට සූදානම් වූ මහන මැෂින් සියයක් බෙදාදීම ගලේවෙල පොලිසිය වැළැක්වීය. මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පොලිසියට දුන් උපදෙසක් මත පොලිසිය ක්‍රියාත්මක විය. නෑබඩගහවත්ත ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ දී මැෂින් බෙදාදීමට සැලසුම් කර තිබිණි. මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන යටතේ මේ මැෂින් මිලදී ගෙන ඇත. අලුතින්ම බිහි වූ පක්ෂයකින් ගලේවෙල ප්‍රාදේශීය සභාවට ඉදිරි මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙක් මේ ඡන්ද අල්ලස දීමට සූදානමින් සිටියේය.

