දුම්රිය වර්ජනය අවසන්
- RSL
- December 13, 2017
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
ඇමැති අනුකමිටුව සමඟ අද (13 වැනිදා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසු වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දින 06 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.
සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සමඟ සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තිය සමිති මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කල අතර අවස්ථා කිහිපයකදී බලධාරීන් සමඟ සාකච්ඡා පැවතියද එම සාකච්ඡා අසාර්ථක විය.
කෙසේ වෙතත් දුම්රිය වර්ජනය අවසන් කල ද අද දිනයේදී දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
වැටුප් වැඩිකිරීම පිළිබඳ ඉල්ලීමක් කරමින් ඉකුත් 07 වැනිදා සිට ලොකොමොටොවි දුම්රිය රියෑදුරු වාත්තීය සමිතිය ඇතුළු වෘත්තීය සමිති 03 ක් වැඩ වර්ජනයේ යෙදුණි.

