අය-වැය ජන්ද විමසීම අවසන් වන තුරු එජාප මැති ඇමැතිවරුන්ට රටසවාරි බෑ

Spread the love

අය-වැය තෙවැනි වර ජන්ද විමසීම අවසන් වන තුරු විදේශ සංචාරවල නිරත නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදි පෙරේදා (27) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ දැනුම් දීම කෙළේය. කලින් ලැබුණු නිල ආරාධනාවලට අනුව සංචාරය කිරීමටද අවසර ලබා දිය නොහැකි බව අගමැතිවරයා මෙහිදි පවසා තිබේ. අයවැය තෙවැනි වර කියවීමේ ජන්ද විමසීම දෙසැම්බර් 9 දා පැවැත්වේ.