2020 මහ කන්නයට ඩොලර් මිලියන 17.9ක යූරියා මිල දී ගැනීම සූදානම්
- RSL
- September 18, 2020
- කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
2020 මහ කන්නය තුළ ඔක්තෝබර් මාසය අවසානයේදී අවශ්‍ය වන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම සඳහා අන්තර්ජාතික විවෘත තරගකාරී මිල ගණන් කැඳවා ඇත.
ඒ අනුව, යූරියා (ග්‍රැනියුලර්) මෙට්‍රික්ටොන් 60,000ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, දින 180ක ණය කාලසීමාවක් යටතේ මෙට්‍රික්ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 298.34 බැගින් ඇග්‍රිෆර්ට් ලයිවන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් වෙතින් මිල දී ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.ඇග්‍රිෆර්ට් ලයිවන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් යනු සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමකි. මෙම කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම ඩොලර් මිලියන 17.9 ක් වේ.

