2020 අපොස සාපෙළ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ මතය ජී.එල් හෙළිකරයි
- RSL
- December 3, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු සකසමින් සිටින බව අද (03) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
හැකිතාක් ඉක්මනින් අපේක්ෂකයින්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය රැකගනිමින් සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමේ හැකියාව සොයාබැලීම රජයේ ප්‍රයත්නය වන බව ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මාර්තු මාසයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුව ද ජූනි මාසය වන විට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි.
‘ජූලි මාසය වන විට එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා‘ යැයි ද අධ්‍යාපන ඇමැතිවරයා පැවසීය.
‘කොළඹ 1 – 15 දක්වා වු ප්‍රදේශය තුළ පමණක් විභාග ශාලා 154ක් ස්ථාපිත කෙරෙනවා. ඒවායේ අපේක්ෂකයින් 24,600ක් සහභාගී වෙනවා. නවුත් වර්තමානයේ කොළඹ පවතින තත්ත්වය තුළ විභාගය පැවැත්වීම ජනවාරි මාසයේ දී සිදුකිරීම අසීරු බවයි රජයේ අදහස වෙන්නේ්‘
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම තීරණය සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර පළ වෙමින් තිබෙන අතර ඇතැම් සිසුන් සමාජමාධ්‍ය මගින් ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවේ නව තීරණය අසා තමන් කැළඹීමට පත්වූ බවයි.

