2019 දී බිලියන 42ක් Pornhub වීඩියෝ මිලියන 6.83ක් නරඹලා !
- RSL
- December 7, 2020
- පුවත් සහ වාර්තා, විදේශීය
- featured
- 0 Comments
ලෝ ප්‍රකට ගෙවීම් සමාගමක් වන මාස්ටර්කාඩ් Mastercard අසභ්‍ය වෙබ් අඩවියක් වන පෝර්න්හබ් Pornhub සමඟ සිය ව්‍යාපාරය සමාලෝචනය කරමින් සිටින බව වාර්තා වෙනවා.
අර්බුදය ආරම්භ වුණේ මාස්ටර්කාඩ් සමාගමට එරෙහිව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද චෝදනාවලින් පසුවයි.
Pornhub හි තිබී ළමා ලිංගික අපයෝජන, “පළිගැනීමේ අසභ්‍ය වීඩියෝ revenge porn ” සහ ස්ත්‍රී දූෂණ ඇතුළත් වීඩියෝ කිහිපයක් තමා සොයා ගත් බව පුලිට්සර් ත්‍යාගලාභී මාධ්‍යවේදී නිකලස් ක්‍රිස්ටෝෆ් කළ ප්‍රකාශය පෝර්න්හබ් මව් සමාගම වන MindGeek විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ස්කයි නිවුස් පුවත්පතට අනුව Mastercard rival Visa මේ වන විට විමර්ශනය කරමින් සිටිනවා.
MindGeek කියා සිටියේ මෙම ප්‍රකාශයන් වගකීම් විරහිත සහ පැහැදිලිවම අසත්‍ය බවයි.
ප්‍රසිද්ධියේ නැරඹිය හැකිය
ක්‍රිස්ටෝෆ්ගේ ගවේෂණාත්මක වාර්තාකරණයෙන් පසු මාස්ටර්කාඩ් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, “සෙවුම් යන්ත්‍ර, බැංකු හෝ ක්‍රෙඩිට් කාඩ් සමාගම්” පෝර්න්හබ් ශක්තිමත් කළ යුත්තේ මන්දැයි තමා නොදන්නා බවයි.
Pornhub ගෙවීමකින් තොරව නොමිලේ නැරඹිය හැකි නමුත් පරිශීලකයින්ට උසස් තත්ත්වයේ වීඩියෝ සහ දැන්වීම් රහිත සහ සුවිශේෂී අන්තර්ගතයන් නැරඹීම සඳහා මසකට ඩොලර් 9.99 ක් ගෙවිය යුතුය.
එහි අන්තර්ගතය බොහෝ දුරට තමන්ගේම ප්‍රජාව විසින් uploaded කර ඇති අතර ප්‍රසිද්ධියේ නැරඹිය හැකිය.
නමුත් සමාගම පැවසුවේ uploaded කරන සෑම වීඩියෝවක්ම මානව උපපරිපාලකවරු human moderators විසින් සමාලෝචනය කරන බවයි.
‘අඩු වයස’ වීඩියෝ
එහි නවතම වාර්ෂික සමාලෝචනයේදී, Pornhub පැවසුවේ 2019 දී වෙබ් අඩවි නරඹන්නන් (site visitors) බිලියන 42 ක් සිටි බවත් වීඩියෝ මිලියන 6.83 කට වඩා වැඩි ප්‍රමාණයක් uploaded කර ඇති බවත්, වසර 169ක ඒකාබද්ධ නැරඹුම් කාලයක් ඇති බවත්ය.
නමුත් එය කොපමණ උපපරිපාලක වරු සේවයේ යොදවා ඇත්දැයි එය නොකියයි.
ක්‍රිස්ටෝෆ් කියා සිටියේ “බාල වයස්කාරයින්ගේ – under-age” වීඩියෝ සෙවීම බොහෝ ප්‍රතිඵල ලබා දුන් අතර ළමුන් මෙන් පෙනී සිටින බොහෝ දෙනා ළමුන් නොවූවත් සමහරුන් ළමුන් බව පෙනී ගිය බවයි.
ළමා ලිංගික අපයෝජනයන් සඳහා “ශුන්‍ය ඉවසීමක් – zero tolerance” ඇති බවත්, නීති විරෝධී ද්‍රව්‍ය සොයා ගැනීමට සහ ඉවත් කිරීමට ගූගල්, යූ ටියුබ් සහ මයික්‍රොසොෆ්ට් වෙතින් මෙවලම් එකතුවක් භාවිතා කළ බවත් පෝර්න්හබ් පැවසීය.
මේ වසර මුලදී බීබීසී ප්‍රවෘත්ති සේවය පැවසුවේ වයස අවුරුදු 14 දී දූෂණයට ලක් වූ රෝස් කලෙම්බාගේ කතාව පෝර්න්හබ් වෙතින් ඉවත් කිරීමට දැඩි අරගලයක් කිරීමට සිදු වූ බවයි.
මෙම චෝදනාවට පෝර්න්හබ් ප්‍රතිචාර දැක්වූයේ එය 2009 දී විවිධ හිමිකාරිත්වයක් යටතේ පැවති අතර නීතිවිරෝධී අන්තර්ගතයන්ට එරෙහිව සටන් කිරීම සඳහා “කර්මාන්තයේ වඩාත්ම දැඩි ආරක්ෂණ සහ ප්‍රතිපත්ති” දැන් ක්‍රියාත්මක කර ඇති බවයි.
බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

