20 දා බැඳුම්කර කොමිසමට එන්න සභාපතිගෙන් අගමැතිට ඉල්ලීමක්
- RSL
- November 17, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන සඳුදා (20) භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීමට පැමිණෙන ලෙස කොමිසමේ ලේකම්වරයා මගින් දැනුම් දී ඇති බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (16 වැනිදා) පැවසීය.
කොමිසම විසින් අගමැතිවරයාට ලිතව ඉදිරිපත් කළ ප්‍රශ්න කීපයකට ඔහු පිළිතුරු සපයා ඇති බවත් ඔහුගෙන් ඇසූ ප්‍රශ්න හා ඔහු දුන් පිළිතුරු ඇතුළත් ලේඛනය කොමිසමේ ලේකම්වරයාට බාර දී ඇති බවත් සභාපති විනිසුරුවරයා කීය.
කොමිසමට අගමැතිවරයාගෙන් හෙළිකර ගැනීමට අවශ්‍ය වූ ඇතැම් තොරතුරු මේ වනවිටත් කොමිසමට ලැබී ඇති බැවින් ඔහුට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න වලින් කීපයක් ඉවත් කර ගත් බවත් කොමිසමට සහයවන නීතිපතිගේ නීතිඥ කණ්‌ඩායමටද කරුණු කීපයක් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බව දැන්වූ නිසා අගමැතිවරයා කොමිසම හමුවට කැඳවීමට තීරණය කළ බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

