20 -24 කෝප් කමිටුවට කැදවන ආයතන නම් කරයි
- RSL
- October 15, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව( කෝප් ) වෙත කැදවා තිබේ.
මේ අතර ලබන 20 වැනිදා සිට සිට 24 වැනිදා දක්වා අඛණ්ඩව දින 04 ක් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සදහන් කළේය.
ඒ අනුව, ඔක්තෝබර් 21 වැනිදා කැලණි ගගේ ජලය අපවිත්‍ර වීම සම්බන්ධව සිදුකළ පාරිසරික විගණන වාර්තාව සාකච්ඡා කිරීම සදහා ජල සම්පාදන මණ්ඩලය ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ,මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පළාත්පාලන ආයතන ද කෝප් කමිටුව වෙත කැදවා තිබේ.
ඉන්පසු , ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකා ව තුළ ඛනිජ තෙල් ගබඩා කිරීම සහ බෙදා හැරීම පිළිබඳව සිදු කළ විශේෂ ව්‍යාපෘතියේ වාර්තාව සාකච්ඡාවට ලක් කිරීම සදහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කෝප් කමිටුව හමුවට කැදවා තිබෙන බව මහාචාර්ය හේරත් මහතා පැවසීය .
මෙයට අමතරව ,ඔක්තෝබර් 23 වැනිදා පොල් සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව හමුවට කැදවා තිබේ.එම අධිකාරියට අමතරව පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය ද එදින කෝප් කමිටුව හමුවට කැදවා ඇත.

