20 සම්මත කිරීමට පෙර පුළුල් සමාජ සංවාදයක් ඕනෑ – NMSJ

Spread the love

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පුලුල් ජනතා සංවාදයකට භාජනය කිරීමෙන් තොරව සම්මත නොකළ යුතු යැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්ථාවරය සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය පැහැදිළි කිරීමේඊයේ (10) කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අවධාරණය විය.

මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

ගරුතර මාදුලුවාවේ සෝභිත හිමියන් සමාරම්භ කරන ලද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්ථාවරය පැහැදිළි කිරීමේ මාධ්‍ය සාකච්ඡාව, ගරු කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් 10 දින පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විණි.

පසුගිය මහ මැතිවරණයෙන් ආණ්ඩු  පක්ෂයට තුනෙන් දෙකකට ආසන්න බලයක් ජනතාව ලබා දී ඇති බැවින් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා කටයුතු කිරීමේ හැකියාව ද ජනවරම ද ඊට ඇති බව පිළිගත යුතු අතර එය වඩාත් ජනහිතකාමී සහ රටට යෝග්‍ය පරිදි සිදු කළ යුතු අන්දම පිළිබඳව පුලුල් සංවාදයක් අවශ්‍ය වේ. එහිදී, එය සමස්ත රටේ ව්‍යවස්ථාව වන බැවින්, හුදෙක් එය ජයග්‍රාහකයාගේ අභිමතය නොව සමස්ත ජනතාවගේ ව්‍යවස්ථාවක් බව තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ.

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙර කිසිදා නොවූ විරූ අන්දමින් ජනාධිපති තනතුර වටා බලය සංකේන්ද්‍රණය කරයි. මෙම ව්‍යවස්ථා සංශෝධනය  ජනාධිපතිවරයා යහපත් අරමුණින් ගෙන ඒමට අදහස් කර ඇතැයි සිතුව ද, ලක්ෂ දෙසිය විස්සක් වන ජනතාව ගැන සමස්ත තීරණ ගැනීමට එක් පුද්ගලයකු අතට පත් වීම ඉතා භයානක ප්‍රතිඵල අත් කර දිය හැකි බව සිහිපත් කළ යුතුය.

වර්ෂ 2001 දී සම්මත කර ගන්නට යෙදුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය සහ 2015 දී සම්මත වූ 19 වන සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය ශක්තිමත් කරන්නට කටයුතු කරනු ලැබූ අතර, සාධාරණ සමාජයක් ව්‍යාපාරය සෑම විටම යුක්තිය වෙනුවෙන් පෙනී සිටියේය. දැනට සක්‍රීය 19 වන සංශෝධනයේ අඩංගු ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කොටතවත් පුලුල් කිරීම විනා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමට කටයුතු කිරීම සෑම විටම අනිටු ප්‍රතිඵල ගෙන දෙයි.

රටේ පාලනය සඳහා විශ්වසනීය ආයතන ශක්තිමත් කළ යුතුය. යෝජිත 20 වැනි සංශෝධනය ආයතන වෙනුවට එක් පුද්ගලයකු මත බලය සංකේනද්‍රණය කරයි. වර්තමාන කෙටුම්පත මගින් රට ඒකාධිපති ක්‍රමයකට නතු වී ආර්ථික, සමාජීය සහ සංස්කෘතික පරිහානියට යාමේ විශාල අවදානමක් පවතී.

·         “එක රටක් – එක නීතියක්” යන ප්‍රධාන තේමාව මුල් කර ගත් රටක, කිසිවකු නීතියට ඉහළින් සිටිය යුතු නෑ. ජනාධිපතිවරයාටත් එය පොදු විය යුතුය. මේ ජනාධිපතිවරයාට පමණක් නොව, වෙනත් ජනාධිපතිවරුන්ටත් මෙය අදාළයි. මේ යෝජිත සංශෝධනය මගින් නීතියට ඉහළින් ජනාධිපතිවරයා තබනවා. ඊට අමතරනව ඔහුට පාර්ලිමේන්තුව, උසාවිය සහ සමස්ත ජන ජීවිතය භාර දී, ඔහුගේ ඍජු පාලනයට යටත් කොට තිබීම හානිකරය.

·         රටක් නොව පුද්ගලයකු දෙස බලා ව්‍යවස්ථා සම්පාදනය විනාශකාරීය. විසි වන සංශෝධනය මගින් රටේ නීති සැදීමත්, ඒවා ක්‍රියාවට නැංවීමත්, යුක්තිය පිසඳලීමත් රාජ්‍යයේ යන සියලු කටයුතු තනි පුද්ගලයකු වන ජනාධිපතිවරයා යටතට පත් කොට තිබෙනවා. කිසිදු අන්දමකින් ජනාධිපතිවරයාගේ කටයුතු නීතිය ඉදිරියට ගෙන ඒමේ හැකියාවත් ඉවත් කර පූර්ණ මුක්තියක් ලබා දී ඇති තත්ත්වය, අත්තනෝමතික පාලනයට පාර කැපීමකි.

·         ස්වාධීන ආයතන කිසිවක් නොපවතිනු ඇත. ව්‍යවස්ථා සභාව ඉවත් කර බල රහිත නීරීක්ෂණ මණ්ඩලයක් ලෙස පාර්ලිමේන්තු සභාවක් පත් කිරීම කිසිදු ස්වාධීන පත් කිරීමක් සිදු නොවන තැනට පාර කැපීමක්. ඉන් මතු, රටේ කිසිදු සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වන ඇති.

·         අධිකරණයට සහ අධිකරණ සේවා කොමිසමට පත් කිරීමේ බලය සහ විනිසුරුවන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාගේ තනි මතය යටතට ගැනීම ස්වාධීන අධිකරණයේ අවසානය අඟවයි.

·         ද්විත්ව පුරවැසි භාවය ලබා ගනිමින්, වෙනත් රටවල් වෙනුවෙන් “අවි දැරීමට” පවා දිවුරුම් දුන් අයට මේ රටේ ප්‍රමුඛ තනතුරු දැරීමට නෙහැකි විය යුතුයි.

·         ප්‍රසම්පාදන කොමිසම සහ විගණන කොමිසම් ඉවත් කිරීම මගින් කිසිදු ආණ්ඩුවකට ජය ගත නොහැකි වූ අර්බුදය වන දූෂණය තවත් ඉහළ යනු ඇති.  

Text Box:යෝජිත විසි වන සංශෝධනය ධවල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවා නම්, ඊට අවශ්‍ය ජනතා මත විමසීම සිදු කළ හැකිව තිබුණි. එබැවින් පුලුල් ජනතා සංවාදයකින් තොරව ආණ්ඩුව කටයුතු නොකළ යුතු බව අවධාරණය කරමු. 

RSL

Related Posts