12 වැනිදා දිවුරුම් දෙන්නේ පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනා පමණයි

Spread the love

රී ලංකා පොදුජන පෙරමුණු රජයේ අභිනව කැබිනට් මණ්ඩලය 12 වැනිදා මහනුවර ශ‍්‍රී දළඳා මාළිඟාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත අතර නව රජයේ කැබිනට් මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වනු ඇති බව ද වාර්තා වේ.

12 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු 25 දෙනා පමණක් දිවුරුම් දීමට නියමිත අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවී සිටින සෙසු පක්ෂවල කැබිනට් අමාත්‍යවරුන් පසුව දිවුරුම් දීමට නියමිතව තිබේ.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ගැන අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තනි පක්ෂයක් ආණ්ඩුව පිහිටුවන විට පත් කළ හැකි වන්නේ කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනකු පමණක් බැවින් කැබිනට් මණ්ඩලය 30 දෙනකුට පමණක් සීමා කිරීමට සිදු වූ බවයි.

RSL

Related Posts