හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා පාරිභෝගිකයින්ට සහනයක්
- RSL
- May 10, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා පාරිභෝගිකයින්ට සහනයක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා සඳහන් කරයි.
සභාපතිරයා වැඩි දුරටත් සදහන් කළේ ජල බිල්පත් දෙකක් එකවර ලැබී ඇත්නම් එක් බිල්පතක් පළමුව ගෙවා අනෙක් බිල්පත මාසයක් ඇතුළත ගෙවිය හැකි බවත් එතෙක් ජලය කපා හැරීමක් කිසි ලෙසකින් හෝ සිදු නොවන බවයි.
පෙර මාසයට සාපේක්‍ෂව ඉන්පසු මාසයේ ජල බිල්පත් සැකසීමේදී ජනතාවට වැඩිපුර ගෙවීමට සිදුවුවහොත් හෝ බිල්පතේ යම් වෙනසක් ඇත්නම් ඉදිරි මාසයකදී එම අඩුවීම හෝ වැඩිවීම නිවරැදි කර දෙන බව ද සභාපතිවරයා කියා සිටියේය.

