හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාම ‘ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි’
- RSL
- May 3, 2020
- උණුසුම් පුවත්
- featured
- 0 Comments
ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.
ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ වන්නේ නැත.
කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබේ.

