හදිසි විදුලි බිඳවැටීම සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඇමති ඩලස් අතට
- RSL
- August 24, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පසුගිය අගෝස්තු 17 වැනි දින ප.ව 12.30ට පමණ ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දුන්නේය.
විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර මෙම වාර්තාව හෙට (25) දිනයේදී විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිත අතර අනිද්දා (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

