සෞඛ්‍ය අමාත්‍යවරිගෙන් බරපතළ හෙළිදරව්වක් !
- RSL
- November 3, 2020
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් මෙසේද පැවසුවාය.
කොවිඩ් 19 වසංගතයට අදාළව පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා පර්යේෂණාගාර 25 ක් මේ වන විට ස්ථාපිත කර තිබේ. දිනකට පීසීආර් පරීක්ෂණ 8000 කට අධික ප්‍රමාණයක් දැන් සිදු කරන බවද ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
නිරෝධායන පනතට සංශෝධන එක් කිරීමට ප්‍රමාද වූයේ ඒ පිළිබද පුළුල් අධ්‍යයනයක් කිරීමට සිදු වූ හේතුවෙන් බවද ඇය පෙන්වා දුන්නාය. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන තැනැත්තන් අත්අඩංගුවට ගැනීමේ බලය නව සංශෝධන මගින් පොලිස් නිලධාරින්ට හිමි වේ. මෙම රෝගය පාලනය සඳහා ජනතා සහාය උපරිමයෙන් අපේක්ෂා කරන බවද ඇය පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළාය.
විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 50000 ක් පමණ දිවයිනට රැගෙන ඒමට රජය කටයුතු කර තිබේ. රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම කටයුතු ඉදිරියටත් සිදු කරන බවද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 128 ලැබී තිබෙන අතර, එම ණය මුදල 2023 වසර වනතෙක් වියදම් කළ යුතු අතර, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 35 ක් මේ වන විට සෞඛ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් වියදම් කර ඇති බවත්, තවත් අමෙරිකානු ඩොලර් මිලියන 22 ක් වියදම් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
නිරෝධායන පනත මුළු ලංකාවටම පොදු වන්නක් වන අතර, මෑතකදි නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් පොදු ස්ථාන යන්නෙන් අර්ථ දැක්වෙන්නේ එළිමහන් පොදු ස්ථාන බවද ඇය පැහැදිලි කළාය.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් පාලනය වී තිබෙන බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා භේද වලින් තොරව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නාය.
මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60 කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බවද ඇය පැවසුවාය. ගම්පහ දිස්ත්‍රීක්කයේ තත්ත්වය පාලනය කර තිබේ. රට තුළ පවතින මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඇය පෙන්වා දුන්නාය.

