සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්
- RSL
- October 9, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Covid -19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශ මත්පැන් තැබෑරුම්, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, බියර් සහ වයින් ස්ථානීය පාරිභෝජනය සඳහා අලෙවිකෙරෙන ස්ථාන ඔක්තෝබර් 31 වැනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා නිවේදනය කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවියෙහි දැක්වෙන “මහජන ක්‍රියාකාරකම් සඳහා වු සංශෝධිත කාල රාමුව – 2020 ඔක්තොම්බර් 04 සිට 2020 ඔක්තොම්බර් 31” මැයෙන් යුතු වු නිවේදනය හා සමගාමීව මෙම තීරණය ගෙන ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන්නේ.

