ශ‍්‍රී ලංකාව යළිත් ජිනීවා මානව හිමිකම් කොමිෂම සමග පැටලෙයි
- RSL
- February 20, 2020
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1, 40/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන මහතා මේ බව පැවසුවා.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සදහන් කළේය.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/ 1 හා 40/ 1 යන යෝජනාවලින් ශ‍්‍රී ලංකා රජය ඉවත් වීමට නියමිතයි.

