ශ‍්‍රී ලංකාව පළමු කොරෝනා මරණය වාර්තා කරයි
- RSL
- March 28, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (28) සවස නිවේදනය කළා.
මාරවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මිය ගිය ආසාදිතයා 60 වැනි වියේ පසු වූ බව ද වසර කිහිපයකට පෙර ඔහු වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියා හා අධික රුධිකර පීඩනයෙන් ද පෙළුණු බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
අද දින වන විට ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසානය වූ පුද්ගලයින් 110 දෙනකු හදුනා ගෙන ඇති අතර 08 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව සදහන්.
