ශ‍්‍රී ලංකාවේ Covid-19 නව ආසාදිතයින් 07ක්: මරණ සංඛ්‍යාව 06ක්

Spread the love

අද (7) දින පස්වරු 19.00 වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගිය බවත් අද දින නව ආසාදිතයින් 07 දෙනකු වාර්තා වූ බවත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 255ක් බවයි. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 137 දෙනෙක් වන අතර කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් බවත් එහි සදහන් වේ. අද දිනය තුළ එක් කොරෝනා ආසාදිතයෙකුගේ මරණයක් වාර්තා විය.

Tags: