ශ‍්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් 175ක් : අදත් නව ආසාදිතයින් 09ක්

Spread the love

ශ‍්‍රී ලංකාවෙන් අද (5) දින පස්වරු 8.00 වන විට වාර්තා වී තිබූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 175 දෙනකු බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එය වැඩි දුරටත් සදහන් කරන්නේ අද දින තුළ නව ආසාදිතයින් 09දෙනකු වාර්තා වී ඇති බවයි.

මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 137ක් බව ද දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 259ක් බව ද සදහන් කරන සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පුද්ගලයින් 33 දෙනකු සුවය ලබා පිටව ගිය බව ද සදහන් කරනවා.

ශ‍්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 05ක් බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.

ගෝලීය තත්ත්වය

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව අද දින (5) වන විට ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,201,476ක් වන අතර අද දිනය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 84,811ක්. මේ වන විට කොවිඩ් 19 ආසාදනය මගින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 64,691ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 246,467ක් බවයි වාර්තා වන්නේ.

අද දින (5) නිකුත් කළ අල් ජසීරා වාර්තාවක් අනුව ගෝලීය වශයෙන් ඉහළම ආසාදිතයින් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා කරන රටවල් පහත දැක්වෙනවා.

එක්සත් ජනපදය – රෝගීන් 312,249 ක්, මරණ 8,503 ක් 
ස්පාඥ්ඤය – 130,759 ක් ,  මරණ 12,418 ක්
ඉතාලිය – රෝගීන් 124,632 ක්, මරණ 15,362 ක්
ජර්මනිය – රෝගීන් 96,108 ක්, මරණ 1,446 ක්
ප්‍රංශය – රෝගීන් 90,853 ක්, මරණ 7,574 ක් 
චීනය –   රෝගීන්  82,602 ක්,  මරණ 3,333 ක් 
මැකාවු හි රෝගීන් 41 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.
ඉරානය – රෝගීන් 58,226 ක්, මරණ 3,603 ක් 
එක්සත් රාජධානිය –   රෝගීන් 42,480 ක් ,  මරණ 4,320 ක්
තුර්කිය – රෝගීන් 23,934 ක්, මරණ 501 ක්
ස්විට්සර්ලන්තය –   රෝගීන් 21,100 ක්, මරණ 680 ක්
බෙල්ජියම – රෝගීන් 19,691 ක්, මරණ 1,447 ක්
නෙදර්ලන්තය – රෝගීන් 17,953 ක්, මරණ 1,771 ක්
Tags: