ශිෂ්‍යත්ව විභාගය: දෙමාපියන්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්
- RSL
- October 10, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හෙට (11) දින පැවැත්වෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් නිකුත් කර තිබෙනවා.
මෙම විශේෂ නිවේදනය මගින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.
‘තම දරුවන්ගේ විභාග මධ්‍යස්ථානය නිසි ලෙස හදුනාගෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දෙමාපියන් කටයුතු කළ යුතුයි.
දරුවා සමග දෙමාපියන්ට හෝ භාරකරුවෙකුට ගමන් කළ හැකියි. මෙහිදී මා විශේෂයෙන් ඉල්ලා සිටින්නේ විභාගය අවසන් වූ වහාම අදාළ ස්ථානවලින් ඉවත්ව නිවෙස්වලට යාමට පියවර ගන්නා ලෙසයි. තැන තැන රැස්ව කතාකරමින් නොසිටින ලෙස මා ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා‘

