ශ්‍රී ලංකාවේ සෑම දිනකම අලුතින් පිළිකා රෝගීන් 64ක් හමුවන බව හෙළි වෙයි

Spread the love

ශ්‍රී ලංකාවේ  දිනකට පිළිකා රෝගීන් 38 දෙනෙකු මියයන අතර සෑම දිනකම අලුතෙන් 64 දෙනෙකුට  එම රෝගය වැළදෙන බව පරීක්ෂණ වලින්  සොයාගෙන ඇතැයි  සෞඛ්‍ය පිළිකා වැලැක්වීමේ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය  ජානකී විදානපතිරණ මහත්මිය පවසයි. 

පිළිකා රෝගය  පිළිබදව  සමාජ මාධ්‍ය  ඔස්සේ ජනතාව දැනුම්වත් කිරීම සදහා  ජාතික පිළිකා වැලැක්වීමේ වැඩසටහන මගින් ආරම්භ කරන ලද   ‘ආයු ප්ලස්’ නැමැති සමාජ ජාලා වෙබ් අඩවිය  එළිදැක්වීමේ  උත්සවයේ දී ඇය මේ බව  පැවැසුවා ය.                       

නිරාහේන්පිට ජාතික රුධිර පාලවිය මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී අද 15  මෙම උත්සවය පැවැත්විණි

Tags: