ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති සහ විදේශ ඇමති අතර හමුවක්

Spread the love

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය අද (02) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. 

විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම හමුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද සම්බන්ධ වී සිටියේය.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 

Tags: