

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් සුවිශේෂ සැත්කමක් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ගවල සදහන්.

වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමටයි ඔවුන් සමත්ව තිබෙන්නේ.
විශ්‍රාමික කර්නල්වරයාට වකගඩු දායිකාවකගෙන් ලැබුණු දකුණු වකුගඩුව පැය දෙකක කාලයක් තුළ දි බද්ධ කිරිමේ සැත්කම ඉතා සාර්කථව සිදුකළත් සැත්කමෙන් පසුව ඇතිවු සංකූලතාවයක් හේතුවෙන් වකුගඩුවේ ශිරාව මැදින් පුපුරායාමට ලක්ව රුධිරය වහනය විමට පටන්ගෙන තිබෙනවා. වහාම ක්‍රියාත්මක වු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම රෝගියාගේ රුධිරය වහනයවිම නතරකිරිමට පියවර ගත්තා.
පසුව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් බද්ධ කරනු ලැබු වකුගඩුව ධමනියෙන් හා ශිරාවෙන් වෙන් කිරිමට කටයුතු කළා. ඉන්පසු රෝගියාගේ පාදයේ ශිරාවක් ගෙන එය දෙකට පළා වකුගඩුවේ ශිරාවට බද්ධකොට නැවත වතාවක් වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් සිදුකළා. මෙවැනි තත්වයන් දක්නට ලැබිම ඉතාම කලාතුරකින් සිදුවන්නක් බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතාගේ අදහසයි.
යළි ශිරාව බද්ධ කිරිම නිසා රෝගියාගේ වකුගඩුව යළි ක්‍රියාත්මක තත්වයට පත්ව ඇති අතර ඔහුට යළි ජීවත්වීමට වාසනාව ලැබුණා.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ ඒකකය තුල මෙවැනි සත්කැම් 140ක් පඹන සිදුකොට අති නමුත් ඔහු මෙවැනි අත්දැකිමට මුහුණ දි ඇත්තේ පළමු වතාවට බවයි සදහන් කළේ.