විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

Spread the love

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් ජී. විජිත රවිප්‍රිය මහතා පත් කර ඇත.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ තනතුරු රාශියක් හොබවා ඇත. ඒ අතරින්, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මෙන්ම යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, සැලසුම් අධ්‍යක්‍ෂ තනතුරු ඒ අතර වෙයි.

කිළිනොච්චි ආරක්ෂක සේනා අඥාපති ලෙස ද හමුදාවේ කීර්තිමත් සේවයක් ඉටු කර ඇති රවිප්‍රිය මහතා කොළඹ තර්ස්ටන් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

Tags: